අද ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය..
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි තුන්වන සහ අවසන් 20යි 20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 177ක ඉලක්කයක් හිමිව තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
ඒ අනුව පළමවෙන් පන්දුවට පහරදුන් ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබාගත්තා. ඩේවිඩ් වෝනර් ලකුණු 39ක් සහ මාර්කස් ස්ටෝනිස් ලකුණු 38ක් ලබාගත්තා. ස්ටීවන් නොදැවී ලකුණු 37ක් රැස් කළා. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු දෙකක් බිඳහෙළුවා.
පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ජය කල් වෙලා ඇතිවම කැන්ගරුවන්ට හිමි වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට පිවිසෙන්නේ කෙසේ හෝ මෙම තරගය ජය ගෙන තරගාවලිය තරග 2ට 1ක් ලෙස ගෞරවාන්විත අවසන් කර ගැනිමේ අරමුණ ඇතිවයි. මෙම තරගය ඉලක්ක කර ගනිමින් පැවැති පුහුණු සැසියක් අතරතුර කසුන් රාජිත සහ මතීෂ පතිරණ ආබාධයන්ට ලක්වීම හේතුවෙන් අවසන් පන්දුවාර 20 තරගය අහිමි වුණා
.
ඒ වෙනුවට එක්දින තරගාවලියට නම් කර සිටි ප්‍රමෝද් මධුෂාන් සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකා - පිළිතුරු ඉනිම තවත් සුලු වෙලාවකින් ආරම්භ වීමට නියමිතයි.