ඉන්දියාවට විශිෂ්ඨ ජයක්..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (27) පැවැති අවසන් විස්සයි 20 තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කාණ්ඩායමේ නායකයා තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාණ්ඩාය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස් කළේය.
ශ්‍රී ලංකා කාණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක නොදැවී ලකුණු 74ක් රැස් කළේ පන්දු 38කට මුහුණදෙමිනි. දිනේෂ් චන්දිමාල් ලකුණු 25ක් රැස් කළේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 16 පන්දු පන්දු 5ක් තුළ කඩුලු 4ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශ්‍රේයස් අයියර් නොදැවී ලකුණු 73ක් රැස් කළ අතර රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 22ක් රැස් කළේය.
ඒ අනුව තරග 3කින් සමන්විත වූ 20/20 තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මාර්තු 4 වනදා ඇරඹෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |