ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරු ගැටලුවක්..? ඉදිරියේදි කණ්ඩායමට කුමක් වෙයිද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීම පෝල් ෆාබ්‍රේස් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය අද (29) වාර්තා කර තිබේ. එම වාර්තාවල දැක්වුණේ, වෝරික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග තවදුරටත් රැදීසිටීමේ අරමුණින් ෆාබ්‍රේස් එම තීරණය ගෙන ඇති බවයි.
මිකී ආතර්ගේ පුහුණුකාර ධුර කාලය පසුගිය වසරේ දෙසැම්බර් 6 වැනිදායි අවසන්වීමත් සමග නව පුහුණුකරුවෙකු සඳහා අයදුම්පත් 30කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී තිබුණා. නමුත්, එම අයදුම්කරුවන්ගෙන් කිසිවෙකුටවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ කැමැත්තක් පළවී තිබී නැතිි බව වාර්තා වී තිබේ .
එංගලන්තයේ පෝල් ෆාබ්‍රේස් එම ධූරය සඳහා යළි කැඳවීමට ක්‍රිකට් බලධාරීන් ෆාබ්‍රේස් සමග සාකච්ඡා කළ බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, කෙසේවෙතත් පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ප්‍රතික්ෂේප කර ඇති බව ක්‍රිකට් වෙබ් අඩවියක් අද වාර්තා කළා. එහි දැක්වුණේ, ෆාබ්‍රේස් තවදුරටත් වෝරික්ෂයර් ප්‍රාන්තයේ රැඳීසිටින බවට එහි කළමනාකාරිත්වයට දැනුම් දී ඇත.
මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ 54 හැවිරිදි පෝල් ෆාබ්‍රේස් සමයේදී 2014 විස්සයි 20 ලෝක කුසලානය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබි ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |