ලංකාවේ ක්‍රිකට් පිස්සන් නොඉවසිල්ලෙන් බලා සිටි පුවතක් මෙන්න.
2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු වැඩ ඇල්ලීම එළඹෙන ඉරිදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් සිදු කිරීමට නියමිතයි. ඒ තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේදී.
මෙම තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා එක්දින සංචිතයේ බොහෝ වෙනස්කම්සි දුව තිබීම කැපී පෙනෙනවා. ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට මෙම තරගාවලිය අහිමිව යද්දී, අවිශ්ක ප්‍රනාන්දුට සහ LPL තරගාවලියේදී දස්කම් දැක් වු ජනිත්ලි යනගේට සිම්බාබ්වේ තරගාවලිය අහිමිව ගියේ කොවිඩ් ආසාදනය වීම හේතුවේන්.
පෞද්ගලික හේතුවක් මත ධනංජය ද සිල්වාත් සිම්බාබ්වේ තරගාවලියෙන්ඉවත්වීමට තීරණය කළා. කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයෙන් ඉවත් කරද්දී , ලහිරු කුමාර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් මෙම තරගාවලිය අහිමිව ගියා.
කෙසේ වෙතත් කොවිඩ් ආසාදනය වී මේ වන විට සුවය ලබා සිටින එක්දින නායක දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර මේ තරගාවලියට එක්වීමේ සූදානමින් පසුවනවා.
එවන් වටපිටාවක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පියවර ගත්තේ නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකා සංචිතයට කැදවන්නටයි. එම ක්‍රීඩකයින් වන්නේ කමිල් මිශාර, නුවන් තුෂාර සහ චාමික ගුණසේකරයි. මීට අමතරව දිනේෂ් චන්දිමාල්ට, ජෙෆ්රි වැන්ඩසේට සහ තරග තහනමින් පසු කුසල් මෙන්ඩිස්ට ද ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ස්ථානයක් යළි වෙන්කර දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |