ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා ලෝලින්ට ලැබුණු විශේෂ පණිවිඩය මෙන්න

Cricket Sri Lanka Cricket
By Sithumi Jul 14, 2023 01:33 PM GMT
Report

ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව පවසනවා

. ඒ අනුව ජුලි 16 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය මෙන්ම ජුලි මස 24 වනදා කොළඹ SSC පිටියේදී ඇරඹෙන දෙවන ටෙස්ට් තරගයද නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇති අතර මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මේ වනවිටත් එම තරගාවලියේ තරග නැරඹීම සඳහා මුදල් ගෙවා ටිකට් පත් මිලදී ගත් පුද්ගලයින් වෙත අදාළ මුදල් නැවත ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි.