ඉදිකිරීමක් අතරතුර ළදරු වාට්ටුව කඩා වැටීමෙන් මෙරට රෝහළක සිදුවූ දේ...
Monaragala
Hospitals in Sri Lanka
Accident
By Sithumini
මෙම පුවත වාර්තා වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන්. මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නව මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් සිදුකරමින් සිටියද අනතුරක් සිදුව තිබුණා.
ළදරුවන් සහ මව්වරුන් කිහිපදෙනෙකු මතට එම කොන්ක්‍රීට් කඩා වැටී මෙම අනතුර සිදුව තිබුණා.
මේ හේතුවෙන් ළදරුවන් හා මව්වරු කිහිපදෙනෙක් වාට්ටුවකින් ඉවත්කර තිබුණා.
නව මහල් ගොඩනැගිල්ලට යන්ත්‍රයක් මඟින් කොන්ක්‍රීට් යෙදීමට යාමේදී ඉදිකිරීම් ගොඩනැගිල්ලට යාබඳව පිහිටි ළදරු වාට්ටුවේ වහලය මතට මිශ්‍ර කරන ලද කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් ළදරු වාට්ටුවේ වහලය බිඳී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මව්වරුන් තිදෙනෙකු සහ ළදරුවන් තිදෙනෙකු පරීක්ෂණ කටයුතු සඳහා අදාළ අංශ වෙත යොමු කර තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.
මෙම අනතුර හේතුවෙන් මේ වන විට එම වාට්ටුවේ සියලුම මව්වරුන් සහ ළදරුවන් ඉවත් කර තිබෙනවා