චාමික ගැන තේරිම් කමිටු සභාපතිවරයා කළ ප්‍රකාශය..

Cricket Sri Lanka Cricket Sri Lanka
By Sithumi Dec 04, 2022 06:27 PM GMT
Report

ලංකා ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්තාන එක්දින සංචිතයෙන් ඉවත් කිරීම පාදක කරගනිමින් තමාව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිධූරයෙන් ඉවත්කිරීමේ උත්සාහයක් ඇතැයි සැක පවතින බව  ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසනවා. 

 ඔහු ඒ බව සඳහන් කළේ රූපවාහිණි වැඩසටහනක් සමග එක්වෙමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා,

"මේක ඇත්තටම හදනවා චාමික පාවිච්චි කරලා ලොකු විනාශයක් කරන්න. මේක මුලින්නම ජනතාවට මාධ්‍යට කිව්වේ ක්‍රීඩා ඇමති සහ ස්‌පෝට් කවුන්සිල් එකේ සභාපතිතුමයි. කැසිනෝ එකක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ගියපු එකක්.  චාමික ඒ වැරැද්ද පිළිගත්තානේ. නමුත් මේක පාර්ලිමේන්තුවෙන් ඇවිල්ලා, තේරිම් කමිටුවට කැඳවන්න.  

එහෙම කියලා ඉතින් මම හැබැයි ක්‍රීඩා ඇමතිතුමාටත් ස්පෝට් කවුන්සිල් එකේ සභාපතිතුමාටත් කිව්වා, මේක මීට වඩා ගෙනියන්න එපා. මොකද මේ ළමයාව අරගෙන මාව තෙරිම් කමිටුවෙන්  අයින් කරන්න, මේ ළමයාගේ තියෙන මේ ඩ්‍රොප් එක හේතුවක් කරගන්නවානම් මට මේ ළමයා ඩ්‍රොප් කරපු සම්පූර්ණ හේතුව  කියන්න වෙනවා. එහෙම වුණොත් මේ ළමයාගේ අනාගතය විනාශ වෙයි.

එතෙන්ට මේක යවන්න එපා. එහෙම කියලා ඇවිල්ල ඊළඟ දවසේ, ක්‍රීඩා ලේකම්තුමා මගෙන් වාර්තාවක් ඉල්ලනවා. එතකොට  මම දන්නවා මේ එන්නේ බළලුන් ලවා කොස් ඇට බාවන්න කියලා. මාව අයින් කරන්න ඕනනම් කියන්න වටේ යන්න එපා."

ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා -  චාමික හෝටලයේ බුදුපහන පත්තු කරපු එකට ඔහුට විරුද්ධව දඬුවමක් දීලා තියෙනවා කියලා මම සමාජ මාධ්‍යයේ කියෙව්වා ?

"ඇත්ටම ඔස්ට්‍රේලියාවේ නීතියක් තියෙනවා. ගෙවල් ඇතුළේ ගින්දර පත්තු කරන්න බැහැ කියලා. පහන පත්තු කරලා මෙයා කාමරයෙන් මැච් එකට ගිහින් තිබුණා. කාමරේ සුද්ද කරන්න ආපු අය පැමිණිල්ලක් දාලා. චාමිකට කිව්වා පහන පත්තු කරලා. යද්දි නිවන්න කියලා." ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා -  යම් ආගමික කණ්ඩායමක් ඒ අයගේ කැමැත්ත අනුව තමයි ඔබලා තෝරන්නේ. කණ්ඩායමට ඇතුළුවෙන්නෙ කියලා ලැව්ගින්නක් වගේ පැතිරෙනවා. ?

"අපි තුන්දෙනා කණ්ඩායම තෝරලා යවනවා. කණ්ඩායම යැව්වාම දිනනවා. දෙවියෝ එතකොට දිනෙව්වා කියලා නැහැ. සමහර දෙවියෝ කියා ගන්නවා දිනෙව්වා කියලා. අපි දෙවියන්ගෙන් අහන්නේ නැහැ ආගම් බලන්නේත් නැහැ. අපි අපේ තේරීම කරනවා."