මහ බැංකුවෙන් හදිසියේම නිකුත් කළ නිවේදනය...

Central Bank of Sri Lanka IMF Sri Lanka Ministry of Finance Sri Lanka Financial crisis
By Sithumi May 30, 2022 11:55 AM GMT
Report

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ලබා ගැනීම සඳහා වන සිය කැපවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහතික කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ දේශීය බැංකු පද්ධතියේ විදේශ විනිමය, ද්‍රවශීලතා තත්ත්වයන් වැඩි දියුණු කිරීමට සහ රජය විසින් ක්‍රියාත්මක කරන අනෙකුත් විවිධ වූ ක්‍රියාමාර්ග ඒ සඳහා අදාළ වන බවය. ගෙවීම් කොන්දේසී සීමා කිරීම හේතුවෙන් රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතිවිය හැකි බවට විවිධ පාර්ශව මතුකරන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

ඒ අනුව ගෙවීම් කොන්දේසි මත පනවා ඇති සීමාවන් හේතුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවීම සහතික කිරීම සඳහා විධි විධාන කිහිපයක් ද මහ බැංකුව සිය නිවේදනය මගින් හඳුන්වා දී තිබේ. පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස වෙළෙඳ ප්‍රජාවගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින බව මහ බැංකුව පවසයි

. අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයට වඩා ආනයනය කිරීම සහ ගබඩා කර තබා ගැනීම මෙන්ම පාරිභෝගිකයින් අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම පවතින තත්ත්වය යටතේ නුසුදුසු බව මහ බැංකුව සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.