අක්මීමන භීතියට පත් කළ මරාගෙන මැරීමේ පුවත..

Sri Lanka
By Sithumi Dec 05, 2022 04:17 PM GMT
Report

අක්මීමන - මාදොල ප්‍රදේශයේ දී සිය බිරිඳ ඝාතනය කළ සැමියෙකු සියදිවි හානිකර ගෙන තිබෙන බව පොලීසිය පවසනවා පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ. 

 සිය බිරිඳගේ ගෙළට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ සැමියා අනතුරුව ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. අද (05) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර මියගිය කාන්තාවගේ සිරුර නිවසේ මුළුතැන් ගෙයි තිබෙන අතර සැමියාගේ සිරුර නිවසේ කාමරයක් තුල තිබු බව අක්මීමන පොලීසිය පැවසුවා.  

මෙම යුවළට දරුවන් දෙදෙනෙකු සිටින බවද අනාවරණයවී ඇති අතර සිද්ධිය සම්බන්ධව අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.