තිදරු මවක් කපා කොටා ඝාතනය කරයි..

Sri Lanka
By Sithumi Jul 17, 2023 05:14 PM GMT
Report

මොණරාගල කුඹුක්කන වෙල්ලච්චි කඩේ ප්‍රදේශයේ නිවසක තිබී කපා කොටා ඝාතනය කල කාන්තාවකගේ මල සිරුරක් අද (17) උදෑසන මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පවුල් ආරවුලක් මත ස්වාමියා විසින් සිය බිරිදව මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇති අතර. මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු හතලිස් පහක් වන තිදරු මවක් වන අතර ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාව ගේ ස්වාමීයා මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා 

මල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සහ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.