වසර 26 ක් පැරණි නඩුවකට අද ලැබුණු තීන්දුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු රිමාන්ඩ්

By Sithumi Jul 17, 2023 04:01 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය පාදකකොටගෙන මීට වසර 26 කට පෙර එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැදවනු ලැබූවා. 

 රත්නපුර හිටපු ප්‍රාදේශිය සභාවේ සභාපති සුදත් දිසානායක මහතාට හා හිටපු ප්‍රාදේශීය මන්ත්‍රි රණවක කළුආරකංචි යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 5 1/2 ක සිර දඩුවම් නියම කෙරුණු අතර තවත් දෙදෙනෙකුට වසර 7 1/2ක සිර දඩුවම් නියම කෙරුණා. 

 මෙම නියෝගයට යටත් වු තිදෙනෙකු මේ වන විට මියගොස් තිබීම විශේෂත්වයක්. මීට අමතරව ප්‍රියන්ත රාජපක්ෂ , ගාමිණි වික්‍රමලාල් , 5 1/2 සමන් පියතිස්ස යන අයට වසර 7 1/2ක සිර දඩුවමක්ද නියම කර තිබෙනවා.