තමන් වලෙන් ගොඩගත් නිළධාරියාට පහර දුන් වන අලියා..

By Sithumi Jul 09, 2023 05:44 PM GMT
Report

ගල්ගමුව වැවැරණවැටිය ගල්ලෑල්ල වැව ආසන්නයේ තිබූ අනාරක්ෂිත වගා ළිදකට වැටී සිටි වනඅලින් දෙදෙනෙකු ඊයේ සවස ගල්ගමුව වනජීවි කාර්යාලයේ නිළධාරීන් විසින් බේරා ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ගොඩට පැමිණි එක් වනඅලියෙකු අසල නිළධාරියෙකු පසුපස පළවා ගොස් එම නිළධාරියාට පහර දුන් ආකාරය අසල සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක පටිගත කර තිබුණේ මෙලෙසින්.

 පහර කෑ 41 හැවිරිදි නිළධාරියා ගල්ගමුව මහරෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර මහ රෝහල වෙත මාරු කර යැවුණා.