තායිලන්තයෙන් මෙරටට රැගෙන ආ පක්ෂීන් (VIDEO)

By Sithumi Jul 06, 2023 04:38 PM GMT
Report

“ද්විත්ව කරමල් කැසොවරි” පක්ෂීන් තිදෙනෙකු තායිලන්තයේ සත්වෝද්‍යානයක සිට අද (06) මෙරටට රැගෙනවිත් තිබෙනවා.

ඒ ඉන්දියාවේ මධ්‍යම සත්වෝද්‍යාන අධිකාරිය සමග ඇති කරගත් සත්ත්ව හුවමාරු ගිවිසුමකට අනුවයි මෙලෙස ශ්‍රී ලංකාවට ලැබුණේ මාස 09ක් පමණ වයසැති පිරිමි කැසොවරි පක්ෂීන් දෙදෙනෙකු සහ එක් ගැහැණු කැසොවරි පක්ෂියෙක් වන අතර කැසොවරි පක්ෂීන් ලොව දරුණුතම පක්ෂි ගණයට මෙන්ම, ලොව දෙවැනි විශාලතම පක්ෂීන් කාණ්ඩයට ද අයත් වනවා.