ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා වෙනස් කිරීමට සිදුවිය හැකි බව හිටපු මහබැංකු අධිපතිවරයෙක් කියයි
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඇතැම් විට ඉදිරියේදී සංශෝධනය කිරීමට සිදුවිය හැකි බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මහබැංකු අධිපතිවරයා පැවසුවේ දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් එල්ල වන විරෝධතා හමුවේ අදාළ යෝජනාවලිය සංශෝධනය කිරීමට සිදුවිය හැකි බවයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කරනවාත් සමග රජය විසින් ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කළයුතු බව හිටපු මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි ගම්වලට ගොස් ප්‍රකාශ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සියලු අණපනත්වලට සහාය දක්වන බව සමගි ජනබලවේගය පවසනවා.
එම පක්‍ෂය අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මෙම අදහස් පළ කළා