මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..

Central Bank of Sri Lanka Economy of Sri Lanka Latest Headlines Decision Making
By krishani Mar 29, 2024 03:42 PM GMT
Report

2024 වසරේ පෙබරවාරි මාසය වන විට ආනයන වියදම් සහ අපනයන ආදායම් යන ද්විත්වයම ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.. | Sri Lankas Import And Export Earnings

ඒ වසරකට පෙර පැවති අගයන් සැසඳීමේ දී ය.

ඒ හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් වී ඇත.

කෙසේ වෙතත්, ඉන්ධන ආනයනය අඩුවීම නිසා මේ වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ ආනයන වියදම්වල අඩුවීමක්ද පෙන්නුම් කරන බව මහ බැංකුව සඳහන් කළේ ය.

වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 982 ක් විය.

එමෙන්ම, එය මේ වසරේ සටහන් වන්නේ ඩොලර් මිලියන 1,059 ක් ලෙසයි.

කෙසේ වෙතත්, පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 1,021 ක් වූ ආනයන වියදම මේ වසරේ ඩොලර් මිලියන 1,378 දක්වා ඉහළ ගොස් ඇත.