ශ්‍රී ලංකාවට ජයක් - ක්‍රිකට් රසිකයින්ට සුබ ආරංචියක් මෙන්න.. (PHOTOS)

Cricket Sri Lanka Cricket Latest Headlines
By krishani Jan 21, 2024 05:24 PM GMT
Report

ලෝක කුසලාන තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ සහභාගී වූ ප්‍රථම තරගය ලකුණු 39කින් ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම ජයග්‍රහණය කළේ ය.

ශ්‍රී ලංකාවට ජයක් - ක්‍රිකට් රසිකයින්ට සුබ ආරංචියක් මෙන්න.. (PHOTOS) | Sri Lankas First Win In The Youth World Cup

ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි.

ලකුණු 204ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ ඉනිම අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ඔවුන්ට හිමි වූ ඉලක්කය පන්දුවාර 22කදී ලකුණු 129ක් විය.

ශ්‍රී ලංකාවට ජයක් - ක්‍රිකට් රසිකයින්ට සුබ ආරංචියක් මෙන්න.. (PHOTOS) | Sri Lankas First Win In The Youth World Cup

ශ්‍රී ලංකා යෞවන කණ්ඩායමේ ප්‍රබල පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ යෞවන කණ්ඩායමට පන්දුවාර 21යි පන්දු 1කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 89ක් පමණක් ය.

අගනා පන්දු යැවීමක නිරත වූ මල්ෂ තරුපති පන්දුවාර 4කදී ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත් අතර අගනා සහයක් ලබාදුන් විශ්ව ලහිරු සහ රුවිශාන් පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්තේ ය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කරගැනීමට සමත් විය.

එහිදී අගනා පිතිහරඹයක නියැලුණු දිනුර කළුපහන පන්දු 55කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 60ක් රැස්කර ගත්තේ ය.

ශ්‍රී ලංකාවට ජයක් - ක්‍රිකට් රසිකයින්ට සුබ ආරංචියක් මෙන්න.. (PHOTOS) | Sri Lankas First Win In The Youth World Cup

කෙසේ වෙතත්, නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ෂන්මුගනාදන් හතරේ පහර 3ක් සමග ලකුණු 41ක් රැස්කර ගත්තේ ය.

Sponsored By Sarrita Jewellery

ශ්‍රී ලංකාවට ජයක් - ක්‍රිකට් රසිකයින්ට සුබ ආරංචියක් මෙන්න.. (PHOTOS) | Sri Lankas First Win In The Youth World Cup