ගාසා තීරයේ සිට දිවි ගලවාගත් ලාංකිකයන් 11 දෙනා ලංකාවට.

Sri Lanka Israel-Hamas War
By Wayomi Nov 05, 2023 07:59 AM GMT
Report

ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා අද (05) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, කටාර්හි දෝහා සිට ගුවන් යානයකින්.

ඔවුන් පසුගිය 03 වැනිදා ඊජිප්තුවට පැමිණි බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළ අතර එහි ප්‍රධානී බෙනට් කුරේ මහතා කියා සිටියේ, රෆා පිවිසුම හරහා ඊජිප්තුවට පැමිණි ඔවුන් ඊජිප්තුවේ හෝටලයක රැඳී සිටි බවයි.

ගාසා තීරය තුළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රැඳී සිට ඇති අතර, ප්‍රදේශයේ පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් ඔවුන් ගෙන් සිව් දෙනෙකුට රැඳී සිටින ස්ථානයෙන් ඉවත් වීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.