සේවකයන් ලක්ෂ දෙකකට හදිසියේම සිදුවෙන්න යන දේ - දැඩි අවධානම් තත්ත්වයක්..

Sri Lanka Economic Crisis Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Oct 01, 2022 09:22 AM GMT
Report

විදුලි මිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවක සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක් මතුව ඇතැයි සේවක වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති. විදුලි බිල ඉහළ යෑමත් සමග අසීමිත පාඩුවක් ලැබීම නිසා ආයතන රැසක් වැසීයාමේ තර්ජනයකට මුහුණදී සිටින බවද ඔවුහු සඳහන් කරති.

කොවිඩ් පැතිරීමත් සමඟ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන්ද සේවකයෝ සහ විවිධ වෘත්තිකයෝ ලක්ෂ 5කට වැඩි පිරිසක් මහ පාරට වැටුණහ. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයෙහි හෝටල් අවන්හල් සහ විලා නිකේතන වැසී යාමේ තර්ජනයට මුහුණදී ඇති ප්‍රධාන ස්ථාන බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පැවසීය.

ආර්ථික අර්බුදය හේතුවෙන් රට පුරා තරු පහේ හෝටල්,විලා,ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන දස දහසකට වැඩි සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය. හෝටල් පවත්වාගෙන යෑම සඳහා විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

රජය සූර්ය පැනල (සෝලා )වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හෝටල් වහල සැපයීමට සූදානම් බවද එම සංගම් නියෝජිතයෝ පවසති. ආර්ථික ගැටලු හේතුවෙන් ඇතැම් ආයතන සිය සේවකයන් ඉවත් කිරීමට සහ අඩු කිරීමට විවිධ වැඩසටහන් දැනටමත් හඳුන්වාදී ඇත.

මේ අතර ජීවන වියදම වැඩිවීම හේතුවෙන් ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත් 2020 වසරේ පමණක් ශ්‍රමිකයන් 53,711 දෙනකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. විදේශගතවූ ශ්‍රමිකයන් සංඛ්‍යාව පසුගිය 2021 වසරේදී එක්ලක්ෂ විසි එක් දහස් හත් සිය අනූ පහක් දක්වා වැඩිවී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now