රුසියානු වදකාගාරයෙන් බේරා ගත් ශ්‍රී ලාංකීය සිසුන් - නවතම තත්ත්වය මෙන්න..

United Russia Volodymyr Zelenskyy Russo-Ukrainian War Sri Lanka Ukraine
By Sewvandhi Sep 17, 2022 02:09 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

යුක්‍රේනයේ කාකිව් ප්‍රදේශයේ තුළ රුසියානු හමුදා පවත්වාගෙන ගිය වධකාගාරයක් තුළ සිටි ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනෙකු මුදාගෙන තිබේ. යුක්‍රේන ජනාධිපති ව්ලෝදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, එම සිසුන් පසුගිය මාර්තු මස සිට එම වධකාගාරය තුළ රුසියානු හමුදාව විසින් රඳවාගෙන සිට ඇති බවය.

එම සිසුන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව වාර්තා විය. මේ අතර එම සිසුන් සම්බන්ධයෙන් තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 

 ඒ අනුව තුර්කි තානාපති කාර්යාල නිලධාරීන්, යුක්‍රේන බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බවද එම අමාත්‍යාංශය සඳහන් කළේය. මෙම සිසුන් පිරිස යුක්‍රේනයේ කුපිආන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිට තිබුණි. රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන තිබූ යුක්‍රේනයේ කාකිව් ප්‍රදේය යළි මුදාගැනීමට යුක්‍රේන ආරක්ෂක අංශ සමත් වුණි.

එම ප්‍රදේශයේ රුසියානු හමුදා පවත්වාගෙන ගිය වධකාගාර 10ක් පමණ යුක්‍රේන හමුදාව විසින් එලෙස සොයගෙන තිබේ. යුක්‍රේන ජනාධිපති ව්ලෝදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ එම වධකාගාරවල විදේශීය ජාතිකයින් රැසක් රඳවාගෙන සිට ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW