වෛද්‍යවරයකු ලබා දුන් එන්නතක් නිසා ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් ආබාධයට ලක්වෙලා - ආන්දෝලනාත්මක හෙළිදරව්වක් එළියට එයි..!

Cricket Sri Lanka Cricket Sri Lanka Dayasiri Jayasekara Cricket Record
By Sewvandhi a year ago
Report

අද (14) කෝප් කමිටුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ,ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබාදී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙලෙස ආබාධවලට ලක්වී ඇති බව හෙළි කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ඒ මහතා මෙම හෙළිදරව්ව සිදුකළේය.

එම වෛද්‍යවරයා ලබාදුන් එන්නත් හේතුවෙන් ක්‍රීඩකයින්ගේ පාදවල විවිධ ආබාධ මතුවී ඇති බවයි, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.

එම වෛද්‍යවරයා වෘත්තීමය ක්‍රීඩා වෛද්‍යවරයෙක් නොවන බවද එහිදී දයාසිරි ජයසේකර මහතා හෙළිදරව් කළේය.

දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, 'වන් ෂොට්' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම වෛද්‍යවරයා වේදනා නාශක ලබාදීම හරහා ක්‍රීඩකයින්ට දීර්ඝකාලීන රෝගාබාධ මතුවීමට ප්‍රධාන හේතුවක්වී ඇති බවය.