දෙමළ සංධානයේ මන්ත්‍රිවරු කිහිපදෙනෙක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක...

Protest Gagana news Sri lankan news Office of the President Members of the Tamil National Alliance
By Subodha Feb 24, 2022 06:14 AM GMT
Report

දෙමළ සංධානයේ මන්ත්‍රිවරු කිහිපදෙනෙක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව විරෝධතාවයක නිරත වන බවට වාර්තා වනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර මාධ්‍ය නිවේදනයක සදහන් වනනේ, මොවුන් ජනපති හමුවී සංදේශයක් භාර දීමට පැම්ණ ඇති අතර ජනපති හමුවීමට කිසිදු පෙර දැනුම් දිමත් සිදු නොකර පැමිණ ඇති බවයි. 

තවද ජනපති පෙර යොදාගත් වැඩසටහනත් සදහා පිටව ගොස් ඇති බවද සදහන් .

මෙම මන්ත්‍රිවරුන් පිරිසට අග්‍රාමාත්‍යවරයා හමුවීමට වෙලාවත් වෙන් කර දුන්නද ඔවුන් එම හමුවීමට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව විරෝධතාවයක නිරතවන බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.

ජනාධිපති සිය කාර්යාලයේ නොමැති විට පෙර දැනුම් දීමකින් තොරව මෙවැනි උද්ගෝෂණ සිදු කිරිම ජිනිවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබා දීමට කෙරෙන සැලසුම් සහගත ක්‍රියාවක් බව පැහැදිලි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් සදහන් වනනේ . 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now