අලි සබ්‍රි තවදුරටත් මුදල් අමාත්‍යවරයා ද...?
Politics
Minister of Finance
Gagana news
Minister Ali Sabri
By Subodha
ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වීම භාර නොගත් බැවින්, අමාත්‍ය අලි සබ්‍රි තවදුරටත් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ජනතා විරෝධයන් හමුවේ පසුගිය දා කැබිනට් මණ්ඩලයේ ධුර මාරුවක් සිදු කෙරුණා.
එහිදී ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය ධුරය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි වෙත ලබා දුන්නා.
එහෙත් මන්ත්‍රී අලි සබ්‍රි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, තමන් නව අමාත්‍ය ධුරය භාර නොගන්නා බවයි.
මීට පෙර අලි සබ්‍රි මන්ත්‍රීවරයා අධිකරණ අමත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර, මුදල් අමාත්‍යවරයා වූයෙ බැසිල් රාජපක්ෂය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |