විදුලි කැපීම නිසා ජල සැපයුමද විසන්ධි වන ලකුණු...

Water supply National Water Supply and Drainage Board Gagana news General Manager Thilina Wijetunga
By Subodha Mar 30, 2022 05:43 AM GMT
Report

විදුලි සැපයුම සාමාන්‍ය පරිදි සිදු නොවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම ද විසන්ධි කිරීමට සිදුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු තිළිණ විජේතුංග මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

විදුලි බලය විසන්ධි වන අවස්ථාවලදී ජලය පොම්ප කිරීමට බාධා මතු වන බවත් එබැවින් ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට සිදුවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා .

කෙසේ වෙතත් පවතින අසීරු තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීම සඳහා ගත හැකි පියවර ගෙන ඇති බවත් විජේතුංග මහතා පවසනවා .

එසේම පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය මත ජල පරිභෝජනය ඉහළ ගොස් තිබෙන බැවින් ජල පරිභෝජනය උපරිම මට්ටම දක්වා පැමිණ ඇති බවත් සඳහන් පවතින අයහපත් තත්ත්වයන් මත ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන මෙන් ජල පාරිභෝගිකයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කරනවා   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now