කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක සිදු කිරීමට අපේක්ෂිත දේ ගැන ඔබ දැනුවත්ද...?
ප්‍රධාන නගර කිහිපයක සිදු කිරීමට අපේක්ෂිත නගර සංවර්ධන සැලසුම් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කෙරුණා.
එහි පළමු අදියර යටතේ ගාල්ල, බණ්ඩාරවෙල, රත්නපුර නගර මධ්‍යය සහ තිඹිරිගස්යාය, කොටුව, පිටකොටුව හා කොල්ලුපිටිය යන සුවිශේෂි ආර්ථික මෙහෙයුම් කලාප සංවර්ධනයට ලක් කෙරෙනවා.
පුළුල් මාර්ග, වාහන නැවතීමේ පහසුකම්, පදික වේදිකා, වෙළෙඳ සංකීර්ණ, සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක ආලෝක පද්ධති ඇතුළු පහසුකම් රැසක් නව සැලැස්මට ඇතුළත් වන අතර හරිත නගර සංකල්පයට ප්‍රමුඛතාව දෙමින් සියලු පහසුකම් සහිත ආකර්ෂණීය අයුරින් සැලසුම් නිර්මාණය කර තිබෙනවා.
රජයේ වැඩපිළිවෙළ අනුව රටේ සංවර්ධන ඉලක්ක, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇතිවන අයුරින් ප්‍රධාන නගර සංවර්ධනය නාගරික සංවර්ධන අධිකාරිය රේඛීය ආයතන සමග එක්ව සැලසුම් කර තිබේ.
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී අදාළ නගර ආශ්‍රිතව ඇති ඓතිහාසික ස්ථාන සුරැකීම සේම, පැරණි ගොඩනැඟිලි ජනතා ආකර්ෂණය ඇතිවන ආකාරයෙන් සංරක්ෂණය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදි අවධාරණය කරනු ලැබුවා.
රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා,රේඛීය ආයතන ප්‍රධානීහු සහ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |