මෙරටට තෙල් ගෙන්විම UAE සමාගමකට පවරයි...

United Arab Emirates Crude oil Gagana politics news
By Subodha Mar 15, 2022 05:59 AM GMT
Report

2022 ජුනි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා මාස 7කට මෙරටට බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව එලෙස නිර්දේශය ලබා දී ඇත්තේ, අදාළ ප්‍රසම්පාදනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී. එම්.සී.සී. සමාගම වෙත පිරිනැමීමටයි. එකී නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගම වෙත පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now