සංචාරක කර්මාන්තයේ පනතට දැඩි විරෝදය...

Ministry of Tourism Gagana news Tourism Act Thilak Weerasinghe President of the Tourist Importers Association
By Subodha Mar 11, 2022 03:52 AM GMT
Report

2005 අංක 38 දරන සංචාරක පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට සංචාරක අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව සංචාරක කර්මාන්තයේ නිරත ප්‍රධාන සංගම් 06ක් කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමය, ශ්‍රී ලංකා හෝටල් සංගමය, ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය ද එක්ව සිටි අතර ඒවායේ නියෝජිතයින් සඳහන් කළේ, මෙම අවස්ථාවේ සිදුකළ යුත්තේ නව පනත් ගෙන ඒම නොව රටට සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා විනිමය අර්බුදයට විසඳුම් සෙවීම බවයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනියගේ පරිපාලන දෝෂ හේතුවෙන් සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට බාධා මතු වී ඇති බවයි ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති තිලක් වීරසිංහ සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW