අගමැති තෙලිගු ජනතාව දෙස බලයි...තෙලිගු ජනතාවට වරප්‍රසාද රැසක්...

Gagana news Telugu people Chairman of the Housing Development Authority Duminda Silva KR Anawattu Secretary to the Prime Minister Anura Dissanayake
By Subodha Mar 12, 2022 03:52 AM GMT
Report

ශ්‍රී ලංකාවේ වෙසෙන තෙළිඟු‍ ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාව රැකෙන පරිදි ඔවුන්ගේ ජීවනෝපායට පවතින බාධාවන් ඉවත් කරමින් නිවාස, පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා ඉටුකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාල අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සමස්ත ලංකා තෙළිඟු‍ ශිල්පීන්ගේ සංස්කෘතික සංගමය සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (11) පැවැති සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකා තෙළිඟු‍ ජනතාවගේ නායක කේ.ආර් අනවත්තු ඇතුළු දිවයින පුරා තෙළිඟු‍ ජනතාව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයන් එහිදී කියා සිටියේ සිය පදිංචි ස්ථාන සඳහා ඉඩම් ඔප්පු නොමැතිවීම විශාල ගැටලු‍වක් වී ඇති බවයි.

ඒ අනුව මාස තුනක පමණ කාලයක් තුළ මෙම ගැටලු‍ විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකට උපදෙස් ලබා දුන්නා.

එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහන් කළේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියමානුකූල කිරීමේ එකඟතාව මත ප්‍රාදේශිය ලේකම් සම්බන්ධකර ගනිමින් මොවුන්ගේ දෙවැනි පරම්පරාවට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමට අදාළ පියවර ගන්නා බවයි .

තෙළිඟු‍ ජනතාව මුහුණ පා සිටින නිවාස ගැටලු‍ව සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවලට ගොස් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට උපදෙස් දුන්නා.

ඊට අමතරව ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් නිවාස ආධාර මුදල් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

තෙළිඟු‍ ගම්මානවල මං මාවත් ඉදිකිරීම, අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධි සහන පිරිනැමීම මෙන්ම විදේශ සංචාරකයන් වෙනුවෙන් තෙළිඟු‍ සංස්කෘතික අංග ඉදිරිපත් කරන්නන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු වු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now