ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණකට උන දේ...
Scholarship Exam
Parliamentary
Gagana sinhala politics news
By Subodha
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණක් ප්‍රසිද්ධ කිරීම සිදු නොකරන ලෙසට මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කර තිබූ යෝජනාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අධ්‍යාපන උපදේශක කාරක සභාවේදී, ප්‍රතික්ෂේප වී තිබෙනවා.
මෙම කඩඉම් ලකුණු ලබා දීමෙන්, විශේෂයෙන් දෙමව්පියන්ට තම දරුවාට අවශ්‍ය පාසලක් තෝරා ගැනීම සඳහා අවස්ථාව සැලසෙන බවයි , කාරක සභාවේ බහුතරය අදහස් පළ කර ඇත්තේ.
දැනට 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දරුවන්ගේ සහ දෙමාපියන්ගේ බලාපොරොත්තු කඩ නොකරන ලෙස මෙහිදි මන්ත්‍රීවරුන් විසින්, අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම මෙරට වසා දැමුණු පාසල් 850 කට අධික ප්‍රමාණයක් පවතින්නේ යැයි ලේඛනගතව ඇති බවත් ඒවා ප්‍රයෝජනයට ගතයුතු බවත්, අමාත්‍යවරයා සඳහන් කර ඇති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |