රටම ආදරය කරන ඩෝරා ඇතුළු සතුන් අනතුරක...සත්ව ඝාතනය ගැන ආන්දෝලානාත්මක ප්‍රකාශයක්...(VIDEO)
රාත්‍රී කාලයේ රිදියගම සෆාරි උද්‍යානය තුළදී සතුන් ඝාතනය කරන බව එම උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිවර්ණ මහතා සඳහන් කරනවා.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කරන්නේ සෆාරි උද්‍යානය මම වසර පහකට වැඩිය සේවය කරන බවද සත්වෝද්‍යානය තුළ ඝාතනය කරන සතුන් මුදලට අලෙවි කරන බවයි.
එහි සිදුවන වංචා සහ දූෂණ පිළිබඳව ඉදිරියේදී හෙළි කරන බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
පසුගියදා ඩෝරා පැටවා බැලීමට යාමේදී රිදියගම සෆාරි උද්‍යානය තුළදී එම ආයතනයේ සේවකයන්ගේ පහරකෑමට ලක්ව සිටින ඔහු මේ වනවිට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
තමන් තවදුරටත් සේවය කරනවා ද යන්න තීරණය කරන්නේ පහරදීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කළහොත් පමණක් බවද ජනාධිපතිගේ අවධානය යොමු කරන ලෙසද පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිවර්ණ මහතා සඳහන් කර තිබුණා.
එම විඩියෝව පහතින්
දර්ශන අයිතිය- අද දෙරණ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |