"අපේ විරෝධයට මුහුණ දී ගන්න බැරිව බාල වැඩ කරන්න එපා කියලා කියනවා"...ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමන කඩාකප්පල් කිරීමට කුලී මැරයන් යොදවයිද...?(PHOTOS)(VIDEOS)

Protest NPP Gagana news Awangard Secretary Tilvin Silva
By Subodha Mar 23, 2022 10:27 AM GMT
Report

අද පස්වරුවේ පැවැත්වීමට සූදානම් කර තිබෙන ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමන සහ රැළිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇවන්ට්ගාඩ් සමාගමේ පිරිසක් යොදවා ඇති බවත්, ජනතාවගේ ආණ්ඩු විරෝධය මැඩ පැවැත්වීම සඳහා එවැනි කැත වැඩ කිරීමට සූදානම් නොවන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් පළකළ අදහස් පහත දැක්වේ.

හදිසියේම මෙම කෙටි මාධ්‍ය හමුව පවත්වන්නේ විශේෂ කරුණක් දැනුම්දීමට යි. ජාතික ජන බලවේගය විරෝධතා පා ගමනකත් සහ රැළියක් අද (23) පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

වසර 74ක සාපය නිමා කරන්න ජනතාව පෙළ ගස්වන අරමුණින් මේ පා ගමන පවත්වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිත්‍රයෙකු වන ඇවන්ට්ගාඩ් සමාගමේ නිස්සංක සේනාධිපති ඒ ගොල්ලන්ගේ ගෝලයන් කොළඹට කැඳවලා බැද්දගාන ප්‍රදේශයේ රඳවාගෙන ඉන්නවා.

මේ පිළිබඳව ලබාගත් ඡායාරූප අප ලඟ තිබෙනවා.

ඔවුන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථ අංකත් අප ලඟ තිබෙනවා.

මීට කලින් ගම්පහ දිස්ත්‍රික්කයේ තිබුණු ජාතික ජන බලවේගයේ සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිසක් යොදවා තිබුණා.

මේ නිසා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියනවා,

ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ කැත වැඩ කරන්න එපා.

ඔයාට ඔයාගේ ගෝලයා වෙච්ච නිස්සංක සේනාධිපති පාවිච්චි කරලා ඇවන්ට්ගාඩ් එකේ පිරිසක් එවලා අපි අද කරන වැඩේ නවත්වන්න බැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අපේ විරෝධයට මුහුණ දී ගන්න බැරිව බාල වැඩ කරන්න එපා කියලා කියනවා.

ඒ වගේම ආණ්ඩුවේ අයටත් ඇවන්ට්ගාඩ් මුදලාලිටත් අපි කියන්නේ දැන් ඔය ගොල්ලන්ගේ කාලය ඉවරයි.

විශාල පීඩාවකින් ඉන්න ජනතාව කෝපයෙන් ඉන්නේ. ඔය ගොල්ලෝ තව දුරටත් මේක රකින්න ගිහිල්ලා අසාර්ථක දේවල් කරන්න එපා.

ජනතාව පෙළ ගැහෙමින් ඉන්නේ 74 වසරක සාපය නිමා කරලා අලුත් පාලනයක් පිහිටුවන්න. ඒක නවත්වනන මොන ජගතෙකුටවත් බැහැ”

ජන බල විරෝධය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් ඇවන්ගාඩ් සමාගමේ කුලී මැරයන් සූදානමක් ඇති බවට වාර්තා වේ.

ඔවුන් පැමිණ තිබෙන්නේ ND 8167, NB 0780, ND 5771, NE 0444 සහ ND 3097 දරණ පෞද්ගලික බස්රථවලින් බව සදහන්ය.

දර්ශන අයිතිය - හිරු නිව්ස්



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now


GalleryGalleryGalleryGalleryGallery