ජනාධිපති අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි....

Ministry of Industry President Gotabhaya Rajapaksa Ministry of Environment Gagana news Extraordinary Gazette Notification
By Subodha Mar 15, 2022 04:32 AM GMT
Report

අමාත්‍යාංශ දෙකක විෂය පථය සහ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

කර්මාන්ත අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතාවන් මෙයින් සංශෝධනය කර ඇත.

ඒ අනුව, මෙතෙක් කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ “දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණ භාවිතා කර ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදාගැනීම” යන කාර්‍යය පරිසර අමාත්‍යාංශය යටතට පවරා ඇත.

එමෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සහ ලංකා ඛනිජ වැලි සමාගම ද පරිසර අමාත්‍යාංශය යටතට පවරා තිබේ.