මිනිසුන් කන්න පෝලිම්වල සිටියදී, මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තු භෝජනාගාරය අනිද්දා සිට විවෘත කෙරේ...

Parliament Gagana politics news Parliament Restaurant
By Subodha Mar 30, 2022 04:41 AM GMT
Report

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අනිද්දා(1)සිට අවසර ලබා දෙන අතර පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා (1) සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී  තිබෙනවා.

මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය මෙසේ විවෘත කෙරෙන්නේ ඒ අනුවය.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.

පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රීවරුන් රැසක් සිය පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ සහ මහජන ගැලරිද ඉදිරියේදී ඉතා සීමිත පිරිසක් සඳහා විවෘත කිරීමට අවධානය යොමුවී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

ශෝක යෝජනා විවාදයන් පැවැත්වෙන අවස්ථාවන්හි එම විවාද දැක බලා ගැනීම සඳහා දැනට අවස්ථාව සලසා දෙන්නේ මියගිය මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ පවුල්වල සාමාජිකයන් පස්දෙනෙකුට පමණි.

කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

දැනට පාර්ලිමේන්තුවේ විවෘත කර පවතින්නේ මාධ්‍ය ගැලරිය පමණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now