රට අඝාදයට යන වෙලාවේ පාර්ලිමේන්තුවේ බස්රථ ගැන ඇසෙන කතාව...

Parliament Bus Gagana politics news
By Subodha Mar 13, 2022 09:10 AM GMT
Report

පාර්ලිමේන්තුවේ අවශ්‍යතා සඳහා වෙන්වුණු බස්රථ 12ක් පමණ තිබියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස්රථ නවයක් එහි ප්‍රවාහන කටයුතු සඳහා කුලියට ගැනීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ බස්රථ එහි වෙනම ස්ථානයක කාලයක් තිස්සේ ගාල් කර තිබියදී එම බස් රථවල රියදුරන් සහ සහායකයන් කිසිදු වැඩ කටයුත්තක නොයෙදී වැටුප් ලබන බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.

ප්‍රවාහන කටයුතු සඳහා යොදා නොගෙන මෙසේ ගාල් කර ඇති බස්රථ අතර වායුසමීකරණය කරන ලද ඒවා කිහිපයක්ද වේ.

ධාවනය කළ හැකි හොඳ මට්ටමේ බස්රථ මෙපමණ සංඛ්‍යාවක් තිබියදී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස්රථ මෙලෙස කුලියට ගැනීම අනවශ්‍ය මුදල් නාස්තියක් බවද එම සේවකයෝ පෙන්වා දෙති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now