අද පාර්ලිමේන්තුවට ආ "I.O.ස"...
Parliament
Gagana politics news
I.O.ස
By Subodha
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (11) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී ඉන්දීය තෙල් සමාගමේ ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත පෝස්ටරයක් වරින් වර ප්‍රදර්ශනය කරනු දැකගත හැකිවිය.
පෝස්ටරයේ එම ලාංඡනයේ "I.O.ස" යනුවෙන් සටහන්ව තිබුුුණි.
එම ලාංඡනය සහිත පෝස්ටරය මුලින්ම ප්‍රදර්ශනය කළේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාය.
විපක්ෂයේ මන්ත්‍රීවරයකු කතා කරන අවස්ථාවේදී ඔහුට සභාවේ කැමරාව යොමුවන විට එම කැමරාවට හසුවන සේ ඒ පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කටයුතු කරනු දැකගත හැකිවිය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේ පෝස්ටරය ප්‍රදර්ශනය කළද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඊට කිසිදු බාධාවක් එල්ලවූයේ නැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |