තෙල් පෝලිම් වල අවසානය අතලග වන ලකුණු...විදුලියත් නොකැපෙයිද..?

Petroleum Baththaramulla Gagana sinhala news Energy Minister Gamini Lokuge
By Subodha Mar 09, 2022 11:13 AM GMT
Report

රට තුළ උද්ගත වී ඇති විදුලි සහ ඛනිජ තෙල් අර්බුදය ලබන සදුදා හෝ අඟහරුවාදා වන විට අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද (9) පැවසීය.

රට සතුව මේ වන විට ඉන්ධන මෙටි්‍රක්ටොන් 20,000 ක සංචිතයක් ඇති අතරම ඉන්ධන මෙටි්‍රක්ටොන් 32,000 ක නැවකින් ගොඩබාමින් සිටින බව කී අමාත්‍ය ලොකුගේ මහතා සෑම නගරයකම පිරවුම්හල්වලට ඉන්ධන සපයමින් තිබීම නිසා ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වන විට පිරවුම්හල්වල පොලිමේ නොසිට ඉන්ධන ලබාගත හැකි තත්වයට පත්වනු ඇති බවට විශ්වාස කරන බව ද සඳහන් කළේය.

විදුලබල මණ්ඩලයට බලාගාර පවත්වාගෙන යෑමට අවශ්‍ය ඩිසල් සහ දැවි තෙල් ලබාදී තිබෙන නිසා විදුලිය කැපීම ක්‍රමානුකූලව අඩු කිරීමට හැකි වේ යැයි බලාපොරොත්තු වූ බවත් මේ මස 5 වැනිදා සිට විදුලිය කැපීම නැති වෙලා කියලා කිව්වත් තවමත් සමහර ස්ථානවල පොඩි පොඩි විසන්ධි කිරීම් ඇති බවත් අමාත්‍ය ලොකුගේ මහතා කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (09) පැවැති මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා එසේ පැවසීය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now