ප්‍රධාන නගරයක පිරවුම්හලක ඉන්ධන සැගවු පිරිසකට වැඩ වැරදුණු හැටි...

petrol station Anuradhapura Gagana news
By Subodha Mar 23, 2022 09:36 AM GMT
Report

පාරිභෝගිකයන්ට ඉන්ධන අවසන් බව පවසා, වැඩි මිලට අලෙවි කිරීමට භූමිතෙල් සඟවාගෙන සිටි තිදෙනෙකුට සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ අනුරාධපුර පිරවුම්හලක කළමනාකාරිය ඇතුළු තිදෙනෙකුට යි මෙසේ සිතාසි නිකුත් කර ඇත්තේ.

ඔවුන් සතු ව සඟවාගෙන සිටි භූමිතෙල් ලීටර් 5,000ක් තිබුණු බව සඳහන්

පෙර වතාවකද අනුරාධපුර,යාපනය හන්දිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හළක භුමිතෙල් ගබඩාකර ඇති භුගත ටැංකියට හා පොම්පයට මුද්‍රා තැබුණි.

භුමිතෙල් ලීටර් 4,770 ක් භූගත ටැංකියේ තිබියදි පාරිභෝගිකයන්ට භුමිතෙල් ලබානොදිමේ චෝදනාව මත මෙලෙස සීල් තැබීමට කටයුතු කර තිබිණි.