මහාධිකරණයට පෙත්සමක් ගෙනගිය අසාද් සාලිට වෙච්චදේ මෙන්න ...
Petition
Colombo High Court
Asad sali
Gagana news
By Subodha
තමන්ට එරෙහි ව ද්වේශසහගත පැමිණිල්ලක් සිදු කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණී වලේගොඩ යන අයගෙන් වන්දි අය කර දෙන ලෙස හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ගොනු කළ පෙත්සමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, එම නඩුව අද මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හමුවේ කැදවූ අවස්ථාවේදියි.
ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලැබ මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය පසුගිය වසරේ දෙසැම්බර් 2 වන දා නියෝග කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |