IOC පෙට්‍රල් මිල ඉහළ දැමීම ගැන වාර්ථාවක් කැදවයි...

IOC Gagana news
By Subodha Mar 26, 2022 08:19 AM GMT
Report

 IOC සමාගම යළිත් පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ, සිපෙට්කෝ ඉන්ධන මිල හා සමානව IOC මිල ද පවත්වා ගන්නැයි මීට පෙර එම සමාගමට දැනුම් දුන් බවයි.

එහෙත් යළි ඊයේ(25) රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පනත ප්‍රකාරව ගත හැකි ක්‍රියාමාර්ග කවරේද යන්න අමාත්‍යාංශ ලේකම්වරිය හා වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now