කටුගස්තොට ගින්න ගැන සැකයක්...(VIDEO)

Police Hospital Gagana news. Katugasthota fire
By Subodha Mar 24, 2022 09:09 AM GMT
Report

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු කළ ගිනි තැබීමකින් කටුගස්තොට මැණික්කුඹුර නිවසක තිදෙනෙකු මියගොස් ඇති බවට පොලිසිය සැක කරයි.

පිටස්තර පුද්ගලයෙකු නිවසේ පිළිස්සී මියයාම හා තවත් සැක සහිත අවස්ථා කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බව එම උසස් පොලිස් නිලධාරියා ප්‍රකාශ කළේ ය.

අදාළ පුද්ගලයා විසින් අද අලුයම නිවසට ගිනි තැබීමෙන් එහි සිටි දියණිය, පියා සහ දියණියගේ පෙම්වතා ද මිය යන්නට ඇතැයි, පොලිසිය සැක පළ කරයි.

ගින්නෙන් 71 හැවිරිදි ඊශ්වරි දේවන් පියා, 30 හැවිරිදි චන්ද්‍රවදනි දියණිය සහ දියණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා ද මිය ගියේ ය.

එම නිවසේ සිටි රාණිවේලු රාජු නමැති 66 හැවිරිදි මව පිළිස්සුම් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලිසිය සඳහන් කළේ, මියගිය 30 හැවිරිදි දියණියගේ පෙම්වතා එම ගිනිතැබීම කළ බවට පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටින මව පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවයි.

දර්ශන අයිතිය- අද දෙරණ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
 join now