පෙම් කෙලියෙන් හමාර වු මරණ ගොඩට මවත් එක්වෙයි...

Police Katugasthota Gagana news
By Subodha Mar 30, 2022 07:49 AM GMT
Report

පසුගිය 24 වැනිදා කටුගස්තොට , මැණික්කුඹුරවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් නිවසකට ගිනි තැබීම හේතුවෙන් නිවසේ සිටි පියා, දියණිය, සහ ගිනි තැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව තිබුණා.

ගින්නෙන් තුවාල ලැබූ මව , බේරාගෙන මහනුවර රෝහලට ඇතුලත් කළද ඇය පසුගිය 28 වැනිදා රාත්‍රියේ මිය ගිය බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය කාන්තාව , 68 හැවිරිදි මැමැණික්කුඹුරවත්ත පදිංචිව සිටි අයෙක් .

ඇයගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවය පැවැත්වූ තරුණයා මෙම ගිනි තැබීම සිදු කර තිබූ අතර ඔවුන් දෙදෙනා අතර සිදු වූ ආරෝවක් දුර දිග යාම ඊට හේතු වී තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now