මන්ත්‍රි නිල නිවාසවල මන්ත්‍රි හිතවත් පිටස්තරයින් පදිංචි කරයි...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 කට වැඩි පිරිසක් තමන්ට ලැබුණු මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල ඥාතීන්, හිතවතුන්, හිටපු මන්ත්‍රීවරුන් සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් පදිංචිකරවා ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රී නිල නිවාසවල පිටස්තර අය පදිංචි නොකරන ලෙස පාලිමේන්තු ප්‍රධානීන් මේ අනුව සියලු මන්ත්‍රීවරුන්ට පසුගියදා යළි කැඳවීමක් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මේ අතර ඇමැතිවරුන් ලෙස ලැබෙන නිල නිවාස ලබා ගෙන සිටියදී මාදිවෙල මන්ත්‍රී නිල නිවාසද ලබාගෙන සිටින ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇත.
සමිට් නිවාස සංකීර්ණයේ නිවාස ලබාගෙන සිටින ඇමැතිවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා ගත නොහැකි වන අතර සමිට් නිවාස සංකීර්ණයේ නිවාස නැති ඇමැතිවරුන්ට පමණක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා ගත හැකි වේ.
සමිට් නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබාගෙන ඇති ඇමැතිවරුන්ගේ ලයිස්තුව බාර දෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයයෙන් කාලයක් තිස්සේ ඉල්ලීම් කළත් ඔවුන් එය මේ දක්වා ලබාදී නැතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තු ප්‍රධානීන් ඒ වාර්තාව ඉල්ලා ඇත්තේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබාගෙන සිටින ඇමැතිවරුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහාය.
මේ තත්වය නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාදවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පැවසූහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |