දුරකථය ක්‍රීඩා තවත් බිල්ලක් ගිල ගනී...

Police Mobile game Gagana news Video game Ududumbara
By Subodha Apr 07, 2022 10:07 AM GMT
Report

වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු ගෙල වැලලා ගෙන මියගොස් ඇතැයි උඩුදුම්බර පොලීසිය පවසයි.

පෙරේදා (05) උදෑසන උඩුදුම්බර වසමේ , හාලියාල, උඩුදුම්බර ලිපිනයේ නිවසක මුළුතැ න්ගෙය තුළ පිරිමි ළමයෙකු ගෙල වැලලා ගෙන මියගොස් ඇතැයි ලද පැ මිණිල්ලක් මත උඩුදුම්බර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ .

මියගිය දරුවා දැඩි ලෙස ජංගම දුරකථය මඟින් ක්‍රීඩා කිරීමට පුරුදුව සිටි අයෙකු බවට අනාවරණය වී තිබේ .

මව විසින් ලබා දුන් අවවාදය හේතුවෙන් සිත්තැවුලට පත්ව නිවසේ මුළුතැන්ගෙහි වහලේ දොර රෙද්දක් ආධාරයෙන් ගෙල වැලලා ගෙන ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වු බව පොලීසිය පවසයි.

දරුවා මෘත ශරීරය තෙල්දෙ ණිය රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මරණයට හේතුව ගෙල වැලලා ගෙන මියයෑමක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිගමනය කර දේහය ඥාතීන් ට භාර දී තිබේ . 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now