රටේ පවතින අර්බුධකාරි තත්වය නිසා රට වසා දැමීමට ‌යෝජනාවක්...

Gagana news Proposal to close the country
By Subodha Mar 30, 2022 08:24 AM GMT
Report

රටේ ඇතිවී තිබෙන අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය ඇතුළත රට වසා දැමීමේ යෝජනාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් වී තිබෙන බව ආරංචි මාර්ග සදහන් කරනවා .

විශේෂයෙන් රටේ පවතින තෙල් හිඟය මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි පවසානේ.

පාසල් ළමුන් පාසැල් කරා යෑමට නොහැකිව තත්ත්වයක් උදා වී ඇති නිසාත් රටේ පවතින විදුලි කප්පාදුව නිසා ව්‍යාපාර වෙත එල්ලවී ඇති තර්ජනය හේතුවෙනුුුත් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

තවද බස් රථ වලට ඉන්ධන නොමැති නිසා අද දින බස් ධාවනයේද අඩුවක් දකින්නට ලැබෙනවා.

යෝජනා කර ඇති අය කියා සිටින්නේ දින කිහිපයකට හෝ රට වසා දමා අර්බුද වලට විසදුම් ලබාදීමෙන් පසු නැවත රට විවෘත කිරීම සිදු කර යුතු බවයි.

ආණ්ඩුව විසින් තවමත් මෙය සැලකිල්ල භාජනය නොකර ඇති බවයි ආරංචි මාර්ග වල වැඩි දුරටත් සදහන් වන්නේ.

මේ වනවිට ලැබී ඇති තෙල් ප්‍රමාණය අනුව ඉදිරියේ දී විදුලි කප්පාදුව සිදුකෙරෙන පැය ගණන දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ, විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now