රාජ්‍ය ඇමතිවරයෙකුට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක්...

Gas Gagana news Kanaka herath
By Subodha Mar 21, 2022 08:53 AM GMT
Report

කෑගල්ල රන්වල අලුත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක් පවත්වාගෙන ඉදිකිරිම් ද්‍රව්‍ය අලෙවි සැලක් ඉදිරියේ ගෑස් පෝලිමක අද (21) අළුයම සිර රැඳී සිටි ජනතාව එම ස්ථානයට පැමිණෙමින් සිටි සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කණක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් පහර දී තිබේ.

රාජ්‍ය ඇමති කණක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා වන අතර මෙම බෙදාහැරීමේ ආයතනයද පවත්වාගෙන යනු ලබන්නේ ඔහු විසිණි.

රාජ්‍ය ඇමති කණක හේරත්ට දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමේ ආයතන රැසක් ඇතැයිද වාර්තා වේ.

තොරතුරු වාර්තාවන අන්දමට රාජ්‍ය ඇමති කණක හේරත් මෙම ස්ථානට පැමිණෙමින් සිට ඇති අතර සිය රථයේ වේගය අඩු කරද්දි ජනතාව පෝලිමේ රැඳී සිටිනු දැක ඇති ඔහු එහි නතර නොවී ඉදිරියටම සිය රථය ධාවනය කර ඇත.

එම අවස්ථාවේ රාජ්‍ය ඇමති කණක හේරත්ව දැක ඇති ගෑස් පෝලිමේ රැඳී සිටි ජනතාව ඔහුගේ රථයට පහරදී ඇත.

ඔවුන් සිය අතේ තිබූ ගෑස් සිලින්ඩරවලින්ද පහිදී තිබේ.

පසුව එම ජනතාව එම ස්ථානයේ පාර හරස් කර විරෝධාතාවකද නිරතව සිට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now