ප්‍රධාන නගරයක ඉන්ධන පිරවුම් හළක භුමිතෙල් ගබඩාකර ඇති භුගත ටැංකියක් සමග මුද්‍රා තැබේ...

Anuradhapura Sealed Consumer Authority Gagana news Senior Officer BACP Perera
By Subodha Mar 13, 2022 06:23 AM GMT
Report

අනුරාධපුර,යාපනය හන්දිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හළක භුමිතෙල් ගබඩාකර ඇති භුගත ටැංකියට හා පොම්පයට මුද්‍රා තැබු බව පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි බි.ඒ.සි.පි.පෙරේරා මහතා පැවසිය.

භුමිතෙල් ලීටර් 4,770 ක් භූගත ටැංකියේ තිබියදි පාරිභෝගිකයන්ට භුමිතෙල් ලබානොදිමේ චෝදනාව මත ඊයේ (12) මෙලෙස සීල් තැබීමට කටයුතු කර තිබේ.

ප්‍රදේශවාසින්ගේ ලද පැමිණිල්ලක මත උපාය දුතයෙකු යොදවා සිදුකළ පරික්ෂණයකින් පසුව පාරිභෝගික අධිකාරිය විසින් මෙම පියවර ගෙන තිබුණි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් බෝතලයකට භුමිතෙල් ලිටරයක් රැගෙන එන ලෙසට උපාය දුතයෙකු මෙම ඉන්ධන පිරවුම් හලට යවා ඇති අතර එහිදි එක් සේවකයෙකු කියා සිටියේ භුමිතෙල් නොමැති බවයි.

තවත් සේවකයෙකු කියා ඇත්තේ පොම්පය ක්‍රීයාවිරහිතව ඇති බවකි.

ඒ අනුව එම ස්ථානයට ගිය පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පොම්පය පරික්ෂා කර ඇති අතර එයා ක්‍රියාත්මක නොවන නිසා සිදුකළ පරික්ෂණයේදි අනාවරණයවි ඇත්තේ පොම්පය ක්‍රියාත්මක වන විදුලි සබඳතාවය අක්‍රීය කොට ඇති බවයි.

ඒ අනුව විදුලි බලය සක්‍රීය කළ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් භුමිතෙල් ගබඩාකර ඇති භූගත ටැංකියද පරික්ෂා කොට තිබේ.

එහිදි එම භුගත ටැංකියේ භුමිතෙල් ලිටර් 4,770 ක් ඇති බවට තහවුරුවීමෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

තොග සන්තකයේ තිබියදි පාරිභෝගියන්ට ඒවා නිකුත් නොකිරිම යන චෝදනා මත ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුවන්ට විරුද්ධව අධිකරණයම ක්‍රියාමාර්ගයක් ගන්නා බවද පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බි.ඒ.සි.පි.පෙරේරා මහතා පැවසිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
join now