ආපනශාලාවල ආහාර ඉල්ලුම භාගෙට භාගයකින් පහලය
Gagana news
Food in restaurants
Restaurant Owners Association
By Subodha
ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් ආපනශාලාවල ආහාර ලබා ගැනීම සඳහා පැවති ඉල්ලුම 50% කින් පමණ අඩු වී ඇති බව ආපනශාලාහිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ විදුලි කප්පාදුවද මෙම තත්ත්වයට බලපෑම් එල්ල කර ඇති බවයි.
මේ අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාළුම් 600ක් පමණ තවදුරටත් වරාය තුළ සිරව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල්, සීනි සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙම බහාළුම් තුළ පවතින බවයි.
පරිප්පු සහ සීනි වැනි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළා.
ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ නැව් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට වැඩි මුදලක් වැයවීමයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |