"මෙම වසර අවසානයේ දී ජාතික විදුලිබල පද්ධතියට විදුලිය මෙගාවොට් 1000ක් දෙනවා" -විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි...
Electricity
Gagana news
Kelanitissa Power Plant
Power and Energy Minister Pavithra Wanniarachchi
By Subodha
මෙරට උද්ගතව පවතින විදුලිබල අර්බුදයට කඩිනම් විසඳුම් ලෙස විශාල වශයෙන් අවශ්‍ය පරිදි විදුලිය උත්පාදනයට කටයුතු කිරීම සඳහා කාර්යය සාධක බලකායක් ප්‍රමුඛ කමිටුවක් පත් කර, ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
එමෙන්ම මෙම වසර අවසානයේ දී ජාතික විදුලිබල පද්ධතියට අවශ්‍ය කරන විදුලිය මෙගාවොට් 1000ක් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.
අද (14) පස්වරුවේ කැලණිතිස්ස විදුලි බලාගාරය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව කියා සිටියේ.
පසුගිය පාලන සමයේ දී කිසිදු ලෙසකින් රටට අවශ්‍ය කරන විදුලි බලාගාර හෝ පවතින විදුලි බලාගාර නවීකරණය කිරීම හෝ සිදු නොවීම මත මෙවන් විදුලි අර්බුදයක් හටගෙන ඇති බව ද අමාත්‍යවරිය පෙන්වා දුන්නා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |