විදුලි බිලත් ඉහලටද...?විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක්...
ප්‍රවාහන ගාස්තු ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් ඉන්ධන බෙදා හැරීම් කටයුතුවලින් ඉවත්වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය මේ වන විට නතර කර තිබෙනවා.
ඒ, බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ සමග මීට සුළු වේලාවකට පෙර පැවති සාකච්ඡාව සාර්ථකවීම හේතුවෙන්.
එහිදී සිය ඉල්ලීම්වලට අදියර දෙකක් යටතේ විසදුම් ලබාදෙන බවට විෂය භාර අමාත්‍යවරයා පොරොන්දු වූ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළා. මේ අතර, විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මේ වන විට විදුලිබල අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.
ඒ, විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, විදුලි ඉංජිනේරුවන් සහ විදුලිබල මණ්ඩල නිලධාරීන් අතරයි.
විදුලි ඉංජිනේරුවන් සහ නිලධාරීන්ගෙන් ලද ඉල්ලීමක් මත විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය කිරීමට අදාළව මෙම සාකච්ජාව සිදු කෙරෙනවා.
එසේම, ඉන්ධන හිඟයත් සමග ආරම්භ කෙරුණු විදුලි කප්පාදුව අදත් ක්‍රියාත්මකයි.
මේ අතර ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අද තවදුරටත් පහත බැස තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 98ක් දක්වා පහත වැටී ඇති බව වෙළදපොළ වාර්තා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |