මාධ්‍යවේදියෙකුට තර්ජනය කල ප්‍රභලයකුගේ හඩපටයක් එලියට...තවත් ප්‍රධාන නාලිකාවක් ගැනත් සදහනක්...(VIDEO)
මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාට අයුතු බලපෑම් එල්ල කරන බවට චෝදනා කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා විසින් තමාට මාධ්‍ය කටයුතුවලින් ඉවත් වන ලෙස බලපෑම් කළ බවයි.
දුමින්ද සිල්වා කියා සිටියේ තමන් හිරු නාලිකාවේ හිමිකරු වන රේනෝ සිල්වාගේ බාල සොහොයුරා බවත් අම්බලන්තොට වැලි ජාවාරමේ දර්ශන පටිගත කිරීමෙන් වළකින ලෙස මාධ්‍යවේදියාට බලපෑම් කළ බවත් එම සංවිධානය පවසයි.
එම දුරකථන ඇමතුමේ හඬ පටය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත ද යවා ඇති අතර එය දුමින්ද සිල්වාගේ දුරකථන අංකය බව තහවුරු වී ඇති බව රාහුල් සමන්ත පවසයි.
දුමින්ද සිල්වා රාජ්‍ය ආයතනයක ප්‍රධානියා මෙන්ම ප්‍රබල දේශපාලන සම්බන්ධකම් ඇති අයකු ලෙස දැනට ජනාධිපති සමාව මත මුදා හැර ඇත්තේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනයට දඬුවම් විඳිමින් සිටින පසුබිමක මෙවැනි සිදුවීමක් සුළු කොට තැකිය නොහැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.
මාධ්‍ය ආයතනයක හිමිකාරිත්වයට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස දුමින්ද සිල්වා මාධ්‍යවේදියෙකුට මෙලෙස බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට සිදුවන අනවශ්‍ය අතපෙවීම්වල තරම පෙන්නුම් කරන භයානක සිදුවීමක් බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.
රාහුල් සමන්තගේ වාර්තාකරණයට සම්බන්ධ රාජ්‍ය ආයතන ඔහු පිළිබඳ තොරතුරු ජාවාරම්කරුවන්ට සහ වෙනත් පාර්ශ්වවලට ලබාදීමෙන් පසු මෙවැනි තත්ත්වයක් වර්ධනය වීම ඉතා බරපතළ කාරණයකි
එබැවින් මේ පිළිබඳව වහා සොයා බලන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයට බලකර සිටී.
දර්ශණ අයිතිය - ස්වර්ණවාහිනී
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |