මහබැංකුව විසින් සංවර්ධන බැදුම්කර විකුණයි...

Central Bank Gagana news Development Bonds
By Subodha Mar 15, 2022 03:46 AM GMT
Report

මහබැංකුව විසින් තවත් ඩොලර් මිලියන 152.54ක් වටිනා ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර අලෙවි කර තිබෙනවා.

පසුගිය 9 වන දා සිට 14 වන දා දක්වා පැවති මෙම බැදුම්කර වෙන්දේසිය සදහා ඩොලර් මිලියන 50ක් වටිනා බැදුම්කර ඉදිරිපත් කරනු ලැබුවා. 

මාස 6කින් කල් පිරෙන එම බැදුම්කර සඳහා සියයට 9.48ක පොලී අනුපාතිකයක් හිමි වනවා.

ආයෝජකයන්ට එම බැදුම්කර 16 වන දා දක්වා තවදුරටත් මිල දී ගත හැකි බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now